News

ඩ්‍රෝන මෙහෙයුම්වලින් 100කට අධික පිරිසක් අත්අඩංගුවට

සිදුකර ඇති ඩ්‍රෝන මෙහෙයුම්වලින් මේ වන විට පුද්ගලයින් 117ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

එසේම හුදකලා කිරීම් වලට අදාළ නිරෝධායන නියෝගය පොලිස් වසම් 24 ක් ආශ්‍රිතව ක්‍රියාත්මකව පවතිනවා.

ඊයේ (19) දිනයේත් හුදකලා කළ ප්‍රදේශ සම්බන්ධයෙන් විශේෂ බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

මේ අනුව ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය සම්බන්ධයෙන් පුද්ගලයන් 46දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් සියලු දෙනා මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම යන කරනා සම්බන්ධයෙන් මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.