ඩුබායි හි සිරවී සිටින ලාංකිකයින් 400ක් අද දිවයිනට
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි විදෙස් රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු අද (08) සිට යළි ආරම්භ වේ.
ඒ අනුව ඩුබායි සිට පුද්ගලයින් 400දෙනෙකු අද (08) මෙරටට පැමිණීමට නියමිතයි.
ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සදහන් කළේ මාලදිවයින , ඕස්ට්‍රේලියාව , කටාර් , ඕමාන් , බහරේන් , මැලේසියාව , සිංගප්පුරුව මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් වල ද රැදී සිටින ශ්‍රී ලාංකිකයින් ඉදිරි දිනවලදී දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.
මහ මැතිවරණය හේතුවෙන් පසුගිය 4 වැනිදා සිට විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටවනු ලැබුවේය.
