News

ඩෝසර් කළ රාජ සභා මණ්ඩපය යලි හදන්න මිලියන 9 ක්

කරුණෑගල නගර සභාව විසින් ඩෝසර් කරන ලද බුවනෙක රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 9 ක් පමණ වියදම් වනු ඇතැයි බුද්ධශාසන හා සංස්කෘතික සහ ආගමික කටයුතු පිළිබද අමාත්‍යංශ්‍ය පවසයි.

මෙම ගොඩනැගිල්ලේ මුලික ප්‍රතිසංස්කරණ පිරිවැය සඳහා රුපියල් මිලියන 9 ක් ඇස්තමේන්තු ගතව ඇති බව වාර්තා වෙයි.

සංස්කෘතික හා පුරාවිද්‍යා කේෂ්ත්‍රයේ ප්‍රවීණයන් සහ අමාත්‍යංශය ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවකදී මෙම භූමිය යලි ප්‍රතිසංස්කරණය පිළිබද අවධානය යොමුව ඇත.