News

තලාතුඔය හෙට වැසෙයි

තලාතුඔය නගරය හෙට දිනයේ වසා තැබෙන බව පැවසෙනවා. ඒ  එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමගයි.

කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග සෞඛ්‍යය බලධාරීන්ගේ ඉල්ලීම මත තලාතුඔය නගරය හෙට (07) සිට වසා දැමීමට වෙළෙඳ සංගමය තීරණය කළ බව තලාතුඔය එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති සුසිල් වෙදගේ මහතා සඳහන් කරනවා.

ඒ අනුව නගරය හෙට සිට දින තුනක කාලයක් වසා තබෙනවා. මේ සඳහා ත්‍රීරෝද රථ සංගමය හා පෞද්ගලික ප්‍රවාහන සංගම් ද සිය කැමැත්ත පළ කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.