News

තවත් ආසාදිතයින් තිදෙනෙකු සුවය ලබයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට තුළ කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2,819 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2971ක් වන අතර, ඉන් 140දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේය.

කොවිඩ්-19 ආසාදනයවීමෙන් මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 12කි.