News

තවත් ආසාදිතයින් 50ක් හඳුනාගැනේ

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 50දෙනෙකු හදුනාගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ මෙලෙස හදුනාගත් කොවිඩ් ආසාදිතයින් අතර කටුනායක වෙළෙද කලාපයේ කර්මාන්ත ශාලා 2ක කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 22ක් වන බවයි.

ආසාදිතයින් 06දෙනෙක් පෑළියගොඩ මත්ස්‍ය වෙළෙදසැලේ පුද්ගලයින් වන බව එම නිවේදනයේ සදහන් වේ.

අනෙකුත් ආසාදිතයින් 22දෙදෙනා ආශ්‍රිතයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව මේ වන විට දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 2558ක් වේ.