තවත් ආසාදිතයින් 6ක් සුවය ලබයි
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 06දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මේ වන විට මෙරට තුළ කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 2,889කි.
මෙරටින් හදුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,102 ක් වන අතර, ඉන් 201 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
මෙරටින් මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12කි.

