තවත් ඇගළුම් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමයි
බලන්ගොඩ කුමාරගම ප්රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
ඒ එම කර්මාන්ත ශාලාවේ පුද්ගලයෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හදුනාගැනීමත් සමගයි.
මේ හේතුවෙන් අද පස්වරුවේ සිට අදාළ ඇගළුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා තිබේ.
එමෙන්ම එහි සේවකයින් 60දෙනෙකු ද පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කර ඇත.
එම ආසාදිත පුද්ගලයා බලන්ගොඩ බුලත්ගම ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.
