තවත් කොරෝනා ආසාදිතයින් 11දෙනෙකු සුවය ලබයි
කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ පුද්ගලයින් 11දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ මේ වන විට 2,879දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි.
මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3,071ක් වන අතර, ඉන් 180දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
කොවිඩ් ආසාදිතයින් 12දෙනෙකු මේ දක්වා මෙරට තුළ මියගොස් තිබේ.
