News

තවත් කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි

තවත් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම ආසාදිතයා එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙක් බව වාර්තා වේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2764 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ මෙරටින් හඳුනාගත් නව ආසාදිතයින් ගණන 11කි.