News

තවත් කොවිඩ් ආසාදිතයින් 05ක් හදුනාගැනේ

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3097ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

නව ආසාදිතයින් තිදෙනෙක් ඉන්දියාවේ සිට පැමිණි අය වන අතර, සෙසු දෙදෙනා කුවේට් සිට මෙරටට පැමිණි අයයි.

අද(31) දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 04 දෙනෙක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 2883ක් දක්වා ඉහළ ගියේය.

මේ වන විට ආසාදිතයින් 202 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.