තවත් නගරයක වෙළදසැල් දින තුනකට වැසෙයි
ගෙලිඔය නගරයේ වෙළදසැල් අද සිට දින තුනක් වසා දැමීමට තීරණය කර තිබේ.
ඒ, කොරෝනා ආසාදිතයින් දසදෙනෙකු ගෙලිඔය නගාරාශ්‍රිතව හමුවිම හේතුවෙනි.
නගරයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
ගෙලිඔය එක්සත් ජණාදර වෙළද සංගමය සදහන් කළේ අද දින සිට වසා දැමු වෙළදසැල් සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනිමෙන් පසු ලබන 24 වැනිදා නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි.
