News

තවත් ප්‍රදේශයක සංචරණය සීමා කරයි

රත්නපුර ගොඩිගමුව ග්‍රාමසේවා වසම තුළ සංචරණය සීමා කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

ඒ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දසදෙනෙකු හදුනාගැනීමත් සමගය.

එම කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් මේ වන විට හදුනාගෙන ඇති අතර, එම සංඛ්‍යාව 128කි.

ඔවුන් සියලුම දෙනා මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.