News

තවත් මරණ 5ක් වාර්තා වේ

කොරෝනා වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 5ක් අද තහවුරු වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 129ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක්, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.