News

තවත් ලාංකිකයන් පිරිසක් දිවයිනට

විදේශයන්හි රැදී සිටි ශ්‍රී ලංකිකයන් 14 දෙනෙකු අද (03) කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ.

අලුයම 01.45ට දෝහා සිට නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු 13 දෙනෙකු සහ ජපානයේ නරීටා සිට ද එක් පුද්ගලයෙකු දිවයිනට පැමිණ තිබේ.

දිවයිනට පැමිණි සියලු දෙනා පී.සී.ආර් පරීක්ෂණ වලින් අනතුරුව ඔවුන් නිරෝධායනය සදහා යොමු කර ඇත.