News

තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

විදෙස් රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 476දෙනෙකු අද දිවයිනට ගෙන්වා ගෙන තිබේ.

විදෙස් රැකියාවල නිරතව සිටියදී විවිධ ගැටලුවලට මුහුණ දුන් ශ්‍රී ලාංකිකයින් 294දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන් තොටුපළ වෙත ගෙන්වා ගෙන ඇත.

එමෙන්ම කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදේශයන් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද අද අළුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සිට 130දෙනෙකු, කටාර් රාජ්‍යයේ දෝහා සිට 45දෙනෙකු, ජපානයේ නරීටා සිට 07දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මොවුන් සියලුම දෙනා ගුවන් තොටුපළ තුළදීම පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සදහා යොමු කර තිබේ.