News

තවත් ශ්‍රී ලාංකිකයින් 421ක් දිවයිනට

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 421 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ගුවන්‌ තොටුපළ වාර්තාකරු සදහන් කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ එංගලන්තයේ රැදී සිටි පිරිසක් අද අළුයම දිවයිනට පැමිණි බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හි රැඳී සිටි 17 දෙනෙකු, කටාර් හි රැඳී සිටි 394 දෙනෙකු සහ එංගලන්තයේ රැඳී සිටි 10 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ තිබේ.

කටාර් හි සිට පැමිණි 394 දෙනා අතරින් 210 දෙනෙකු විවිධ ගුවන් සේවාවල සේවය කරන ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් බව වාර්තා වේ.

මෙලෙස දිවයිනට පැමිණි සියලුදෙනා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේදීම පී.සී.ආර්. පරීක්ෂන සදහා යොමු කර තිබේ.