ත්‍රස්ථයන්ට භීතය කැඳවූ සැඟවුන වෙඩික්කරුවෙකු නික්ම යයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මන්නාරම 54 සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුබාශන වැලිකල මහතා අභාවප්‍රාප්ත වී ඇත.
මොලයේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාස කිහිපයක් නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ඊයේ (08) මියගොස් තිබේ.
දේහය පිළිබද අවසන් කටයුතු හෙට (10) දිනයේ සිදුකිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ අබියෝගාත්මක කාර්යයන් සදහා නොබියව ක්‍රියාත්මක වන යුධ හමුදා සිංහ රෙජිමේන්තුව ලක්මවට දායාද කල වීර සෙන්පති වරයෙකු ලෙස මේජර් ජෙනරාල් සුබාශන වැලිකල රනවිරුවානන් යුධ ඉතිහාසය තුල සදා අනුස්මරණීය වනු ඇත.
අවසන් මානුශීය සටනේ සුවිශේෂී හා අබියෝගාත්මක කාර්යයන් රැසක් ක්‍රියාවට නැංවූ මේජර් ජෙනරාල් වැලිකලයන් 682 බල සේනාදිපති වරයා ලෙස ක්‍රියාන්විත යුධ බිමේ මූලිකත්වය ගත් ප්‍රකට නිලදාරියෙකි.

වත්මන් යුධ හමුදාපති වරයා ප්‍රමුඛ අවසන් මානුශීය සටනට නායකත්වය දුන් ප්‍රධානම සේනාංකාදිපතිවරු අතර සිටි ජෙනරාල් වැලිකල නිලධාරීන් මෙන්ම සෙබළුන් සමඟ ද හර්දායාංගම බැදීමක මෙන්ම ලෙන්ගතු කමින්ද කටයුතු කල සැබැවින්ම නිරහංකාර මිත්‍රයෙකි.
මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ගේද හිතාදර මිත්‍රයෙකු වූ ජෙනරාල් වැලිකල තම නිහතමානී පෞර්ශය හා බිය නොමැතිකම හරහා යුධ හමුදාව තුල තම කීර්තනාමය යුධ හමුදාව තුල සනිටුහන් කල බව නොරහසකි.
යුධ හමුදාව බිහිකළ අතිශූර සැගවුන වෙඩික්කරුවෙකු වූ ( Snaiper) ජෙනරාල් වැලිකලයන් පසුගිය සමයේ දියතලාව සැගවුන වෙඩික්කරුවන්ගේ පුහුණු පාසලේ (Snaiper Training School ) අනදෙන නිලධාරී වරයා ලෙස ස්නයිපර් වරුන්ගේ අති විශිෂ්ට යුධ කාර්ය බාර්යයට වටිනාකමක් ලබාදෙන්නට ක්‍රියාත්මක වූ ආකාරය සදා වන්දනීය වනු ඇත.

ඉතා ජවසම්පන්න කමින් යුධ හමුදාව තුල කටයුතු කල ජෙනරාල් වැලිකලයන් ක්‍රියාන්විතයේ ජීවිතය පරදුවට තබා කල යුධ සටන් වෙනුවෙන් ලබාගත් දුර්ලභ සම්මාන හා ඇගයුම් රැසකි. Wwv Rwp Rsp Usp Ndc මෙන්ම “ආර්ය උත්තමාචාර “සම්මානය ඇතුළු අතිවිශාල ඇගයුම් ප්‍රමායකිම් පිදුම් ලැබූ හෙතෙම ,මහව විජයබා ජාතික පාසලෙන් රටට දායාද කල නිලදාරියෙකි .


වෙන්ව යන ඔබට ජාතියේ උත්තමාචාරය හිමිවේවා…!!!
ඔබකල බොහෝ පිං සසර ගමන ආලෝකමත් කරනු ඇත.
චරිත් කිරිඇල්ල සභාපති – ආර්ය පදනම
