ත්‍රීකුණාමලය ආසන්නයේ ඇති අම්ෆන් ප්රචණ්ඩ වෙයි
දකුණු ඛෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී තිඛෙන අම්ෆන් සුළි කුණාටුව ඉතා ප්රචණ්ඩ සුළි කුණාටුවන් බවට පත්ව ඇති බවත් එය ත්‍රිකුණාමලයට කිලෝමීටර 765 ක් පමණ දුරින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙහි බලපෑම මත හෙට මෙරට නිරිත දිග කොටසේ වැසි තත්වය වැඩි වනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ නිසා බස්නාහිර / දකුණු / සබරගමුව / මධ්‍යම සහ වයඹ පළාත්වල බොහෝ ස්ථානවල මිලි මීටර් 150 ක පමණ තද වැසි අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
