News

තාවකාලිකව නතර වූ දුම්රිය ගමන්වාර කිහිපයක් යළි ඇරඹෙයි

තාවකාලිකව නතරකර තිබූ දුම්රිය කිහිපයක් නැවත ධාවනය සඳහා යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව ලබන 28 වන දා සිට අංක 4021 හා 4022 දරණ දුම්රියන් සෙනසුරාදා සහ ඉරිදා දිනවල ද, අංක 1001 දුම්රිය සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ද, අංක 1002 දරණ දුම්රිය සෙනසුරාදා හා ඉදිරිදා දිනවල ද, ධාවනය සඳහා යෙදවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ගල්කිස්ස, කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා පෙ.ව 5.10ට දිනපතා ධාවනය වූ අංක 4021 දරණ දුම්රිය සහ කන්කසන්තුරේ සිට කොළඹ කොටුව හා ගල්කිස්ස දක්වා ප.ව 11.15 ට දිනපතා ධාවනය වූ අංක 4022 දරණ දුම්රිය අගෝස්තු මස 29,30,31 හා සැප්තැම්බර් 01 යන දිනවල එම වෙලාවටම ධාවනය වේ.

එමෙන්ම කොළඹ කොටුවේ සිට බදුල්ල බලා පෙ.ව 6.45ට දිනපතා ධාවනය වූ අංක 1001 දරණ දුම්රිය අගෝස්තු 28,30, හා 31 යන දිනවල දී ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා පෙ.ව 8.00 දිනපතා ධාවනය වූ අංක 1002 දරණ දුම්රිය අගෝස්තු 31 හා සැප්තැම්බර් 01 යන දිනවල එම වෙලාවටම ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.