තෙල් නැවේ කපිතාන් හුදකලා කෙරේ
ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක සිටි “MT New Diamond“ නෞකාවේ කපිතාන්වරයා අද (11) අලුයම ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවකිනි ගොඩබිමට රැගෙන එනු ලැබීය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කණ්ඩායමක් විසින් සියලුම ආරක්ෂක ක්‍රමවෙදයන් අනුගමනය කරමින් කපිතාන්වරයා ගාල්ල ප්‍රදේශයේ හුදකලා මධ්‍යස්ථානයකට යොමු කර ඇත.
නිව් ඩයමන්ඩ් නෞකාව අනතුරට ලක් වූ දින සිට ගින්න නිවීමේ මෙහෙයුම් සඳහා තොරතුරු සැපයීමට කපිතාන්වරයා සියලු අංශ වෙත අනතුරුට ලක්වූ නෞකාව ආසන්නයේ පිහිටි වෙනත් යාත්‍රාවක සිට සිය සහයෝගය ලබා දී තිබුණි.
ඒ අනුව නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 23 දෙනා අතරින් මියගිය පුද්ගලයා හැර සෙසු සියලුදෙනා මේවන විට ගොඩබිමට රැගෙනවිත් තිබේ.
