තේ කර්මාන්ත ශාලාවක ගින්නක්
බලන්ගොඩ පොලිස් බල ප්රදේශයට අයත් ඕලුගංතොට ප්රදේශයේ තේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව පොලීසිය සඳහන් කරනවා.
අද (28) ඇතිවූ එම ගිනි ගැනීම නිසා ඇඹරීමට සුදානම් කර තිබූ තේ දළු සහ නිමි තේ විශාල තොගයක් විනාශ වී ඇති බව පැවසෙනවා. මේ නිසා රුපියල් ලක්ෂ 80ක පමණ අලාභයක් සිදුව ඇති බවට එහි හිමිකරු පොලීසියට සඳහන් කර තිබෙන බව පැවසෙනවා.
එසේම මේ වන විට කර්මාන්ත ශාලාවේ තේ නිෂ්පාදනය නතර කර ඇති අතර තිබෙන තේ දළු වෙනත් කර්මාන්ත ශාලාවක් වෙත යැවීමට කටයුතු කර තිබේ.
ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නැති අතර සේවකයින් සහ ප්රදේශවාසීන් විසින් ගින්න නිවා දැමිමට කටයුතු කර තිබේ.
