News

දක්ෂිණ අධිවේගී මාර්ගය අසල අනතුරෙන් කාන්තාවක් මරුට

 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නුගදූව වර්ණ සංඥා පද්ධතිය අසල ‘ අකුරැස්ස දෙසින් පැමිණි ලොරි රථය දෙවට ප්‍රදේශයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුවී තිබේ.

සිදුවූ අනතුරින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත. අනතුරින් මියගියේ පැදින්නෝරුව වංචාවල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවක බව පැවසේ. ඇය කුඩා ලොරි රථයේ ගමන්කර තිබුනා.

අනතුරින් තුවාල ලත් මෝටර් රථයේ රියදුරා සහ ලොරි රථයේ රියදුරා කරාපිටිය රෝහලට යොමුකර ඇති අතර වැඩිදුර විමර්ශන ගාල්ල වරාය පොලීසිය සිදුකරයි.