දකුණේ ආසාදිතයන් 700කට වැඩි ගණනක්
දකුණු පළාතේ සමස්ත කොවිඩ් ආසාදිත රෝගීන් 700කට වැඩි ගණනක් හඳුනා ගෙන ඇත. මේ අතර ඊයේ (22) දිනයේ දකුණු පළාතෙන් නව ආසාදිතයන් 33ක් හඳුනා ගෙන තිබෙනවා.
දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්යස්තානය සඳහන් කරන්නේ ගාල්ල දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 415ක්, මාතර දිස්ත්රික්කයෙන් 238ක් හා හම්බන්තොට දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 61ක් වශයෙන් ආසාදිතයන් හඳුනා ගෙන ඇත. මේ අනුව දකුණේ සමස්ත ආසාදිතයන් ගණන 714ක් වාර්තා වී තිබේ.
