දකුණේ 680කට වැඩි ආසාදිතයන්
දකුණු පළාතේ ආසාදිතයන් සංඛ්‍යාව 680කට වැඩි ගණනක් වාර්තා වී ඇත.
මේ අතර ඊයේ (22) දකුණු පළාතෙන් ආසාදිතයන් 11ක් හඳුනා ගෙන ඇති අතර ඉන් 06ක් ගාල්ල මහනගර සභා ප්‍රදේශයන් හමුවී ඇත. අනෙක් සිරිස දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගීන් 04ක් සහ මාතර මහනගර සභා බල ප්‍රදේශයෙන් ආසදිතයෙක් හඳුනා ගෙන ඇත.
දකුණු පළාතේ කොවිඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලය සඳහන් කරනේ දකුණු පළාතේ කොවිඩ් ආසාදිතයන් සමස්තය 681ක් දක්වා ඉහල ගොස් ඇති බවයි. මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 400ක්, මාතර දිස්ත්‍රිකයෙන් 224ක් සහ හම්බන්තොට දිස්ත්‍රිකයෙන් 7ක් වශයෙන් ආසාදිතයන් හමුවී තිබේ.
