News

දන්සල් බැහැ

පවතින තත්ත්වය මත දන්සල් පැවැත්වීමට කිසිදු අනුමැතියක් ලබා නොදෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ඇතැම් වැරදි සපයන මාධ්‍ය ප්‍රචාර නිසා විවිධ ප්‍රදේශවල ජනතාව තම ප්‍රදේශය භාර සෞඛ්‍ය පරීක්ෂකවරුන් හමුවී දන්සල් සංවිධාන කිරීම සඳහා අනුමැතිය ​ඉල්ලා ඇතියිද සභාපතිවරයා පවසයි.

කොන්දේසි සහිතව හෝ දන්සල සංවිධාන කිරීමට සහ වියළි ආහාර බෙදාදීම් සිදු කිරීමට අනුමැතියක් ලබා දී නොමැති බැවින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් එබඳු ඉල්ලීමක් නොකරන ලෙස සභාපතිවරයා මහජනතාවට දැනුම් දෙයි.

චාමර පල්ලේගෙදර