News

දඹුල්ල ආර්ථිකයෙන් තවත් කොවිඩ් ආසාදිතයෙක් හමු වේ

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළින් තවත් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙක් හඳුනාගෙන තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් හමුවූ 4වැනි කොවිඩ්-19 ආසාදිතයා මොහු බව දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය ඒකකය පවසයි.

ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැළක සේවය කළ අයෙකුට මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ආසාදිතයාව ලග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර තිබේ.