දයාසිරිගේ සිංහ කොඩිය නීති විරෝධී බව තෙන්නකෝන් කියයි
ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කළේ යැයි කියන ජාතික කොඩිය වහා අලෙවියෙන් ඉවත් කළ යුතු යැයි හිටපු ආණ්ඩුකාර රන්ජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයත් සළු සලත් එක්ව මුද්‍රණය කර වෙළෙඳ පොලට නිකුත් කර ඇති ජාතික කොඩියේ දෝෂයක් පෙන්වා දෙමින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම මේ බව කියා සිටී.
‘‘මිටෙන් නොව තලයෙන් කඩුව අතට ගත් සිංහයෙකුගේ රුවක් සහිත‘‘මෙම කොඩිය සිතා මතා හෝ අත්වැරද්දකින් විකෘති කර මුද්‍රණය කර ඇතැයි පවසන හෙතෙම රටක ජාතික කොඩිය හිතු මතේ මුද්‍රණය කළ නොහැකි බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ප්‍රමිතීන්ගෙන් යුක්ත විය යතු බවත් කියා සිටී.
ජාතික කොඩිය විකෘති කිරීම අපරාධමය වරදක් වන අතර, එය ජනතාව අතරට සංසරණය වීම වැලක්වීමට බලධාරීන් වහා කටයුතු කළ යුතු බවද හෙතෙම අවධාරණය කර සිටී.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ජාතික කොඩිය හා විකෘති කර නිෂ්පාදනය කර ඇතැයි පැවසෙන කොඩිය පහතින් දැක්වේ.


