දරුවන් බලාගන්න ආ ඥාති කතටත් කොවිඩ්
හැටන් ප්‍රදේශයේ කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ තවත් කාන්තාවක් (17 වැනිදා) හඳුනාගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ආර්. එස්. මැදවෙල පැවසීය.
හැටන් දුඹුරුගිරිය පාරේ පදිංචි එකම පවුලේ මව, පියා, පුතා සහ දියණියකට මීට ප්‍රථම කොවිඩ්-19 වයිරසය ආසාදනය වී තිබුණි.
එම ආසාදිතයන් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇත. 17 වැනිදා කොවිඩ් 19 අසාදනය වූ කාන්තාව පෙර ආසාදිතයාගේ ඥාතියෙකි.
පෙර ආසාදිතයා සහ එම ආසාදිතයාගේ බිරිඳ සෞඛ්‍ය අංශ විසින් නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කිරීමෙන් අනතුරුව නිවසේ රැඳී සිටි දරුවන් දෙදෙනාගේ ආරක්ෂාව සඳහා එම ඥාති කාන්තාව දුඹුරුගිරිය පාරේ නිවසට පැමිණ තිබුණි.
සිතාරා ඉරාෂ් – වටවල
