දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර , නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතේ ස්ථාන කිහිපයක සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40-50 ත් අතර විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.
