News

දුම්රියක් පීලිපනී

වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් අද (08) උදෑසන අවුසදපිටිය ප්‍රදේශයේදී පීලිපැනීමකට ලක්ව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි.

දුම්රිය පීලිපැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් ද ඇණ හිට ඇති අතර, දුම්රිය පීලිගත කිරීම් සිදුකිරීමට නියමිතයි.