News

දුම්රිය මාර්ගයේ පීලි ඇණ ගැලවූ කුඩ්ඩා පොලිස් අත්අඩංගුවට

 

මොරටුව ප්‍රදේශයේ මුහුදු බඩ දුම්රිය මාර්ගයේ පීලි නවයක ඇණ 170ක් පමණ ගැලවූ පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී ඇණ ගැලවූ පුද්ගලයා සහ ගැලවූ ඇණ මිලදී ගත් පුද්ගලයා යන දෙදෙනාම අද (06) දින මෙලෙස අත්අඩංගුවට ගත්බව මොරටුවේ එගොඩ උයන පොලිසිය සඳහන් කරනවා.

සැකකරු ඇණ ගලවන බවට ලද තොරතුරට අනුව මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා එසේම ඔහු මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොමුවූ අයෙකු බව ද පැවසෙනවා.

යකඩ බඩු මිලදී ගත් පුද්ගලයට මින්පෙර එවැනි යකඩ බඩු මිලදී නොගන්නා ලෙස දැනුවත් කර තිබූ අයකු වන අතර නමුත් ඔහු එය මින් පෙරද සිදුකර ඇති අතර පොලිසිය මින් පෙර දැනුවත් කර තිබුන අයෙක් බව පැවසෙනවා.

නමුත් ඔහු විසින් ඉතා රහසිගතව ඇණ මිලදීගෙන තිබූ බව පොලිසිය සඳහන් කරනවා.

ඇණ ගැලවූ සැකකරු සහ එම ඇණ මිලදීගත් යකඩ බඩු කඩයේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන මොරටු අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.