දුරදිග ගිර කතාවෙන් තෙවරප්පෙරුම රෝහල් ගත කරයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පහරදීමකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
මතුගම වෑකන්දල ප්‍රදේශයේ පානීය ජල නළ පද්ධතියට බට එලන අයුරු පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී කොන්ත්‍රාත් සමාගමේ නිලධාරීන් සමඟ බහින් බස් වීමක් ඇති වීමෙන් අනතුරුව ඇති වූ පහර දීමකින් හිටපු අමාත්‍ය වරයා අසළ ඇති කාණුවකට ඇද වැටී ඇති බව පොලිසිය කියයි .
පහරදීමෙන් ඔහුගේ එක් කකුලකට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඔහුව අද (22) පස්වරුවේ කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇත.
