දොම්පේ ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙක්
දොම්පේ ප්‍රදේශය සභාවට නව සභාපතිවරයකු පත්කර තිබේ. මේ අනුව නව සභාපති ලෙස කාරියප්පෙරුමගේ පියසේන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරියේ දිවුරුම් දී ඇත.
දිවුරුම් දීමේ අවස්ථාව අද (29) විජේරාම පිහිටි නිල නිවසේ දී සිදුවූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.
දොම්පෙ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක මහතා පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා මෙලෙස කාරියප්පෙරුමගේ පියසේන මහතා පත්කර තිබේ.
