News

ධවල මන්ධිර ප්‍රධානියාට කොවිඩ්

ඇමරිකාවේ ධවල මන්දිර ප්‍රධානියා වන මාර්ක් මෙඩෝස් මහතාට කොවිඩ් ආසාදිත බව එරට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුට මෙතක් කොවිඩ් ආසදිත වුයේ කෙසේද යන්න සොයාගෙන නැහැ .කෙසේ නමුත් මොහු මුහුණු ආවරණ නොපැළඳ ප්‍රසිද්ධ ස්ථාන වල රැඳී සිට තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරනවා.

මොහු ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ පරිපාලන කටයුතු වලට මුල්වී ක්‍රියාකළ ආසන්නතම පුද්ගලයෙකු බවද පැවසෙනවා. පසුගිය මාසයේ උතුරු කැරොලිනාවේ ග‍්‍රීන්විල්හි පැවති ට‍්‍රම්ප්ගේ ජනාධිපතිවරණ රැලියකටද මෙඩෝස් සහභාගී වී තිබුණා.

තවද ට්‍රම්ප් හිතවාදී ආධාරකරුවන් පිරිසක් සහභාගී වූ මැතිවරණ දින රාත්‍රී භෝජන සාදයකට ද මොහු සහභාගී වී තිබෙන බව පැවසෙනවා.