ධාවනය නොවන පෞද්ගලික බස් අධිකාරියට ගෙන වන්දියක් ගෙවන්න
ජූලි පළමුවැනිදා සිට ධාවනය නොවන බස් රථවල බලපත්ර බස්නාහිර පළාත් මගී ප්රවාහන අධිකාරිය විසින් අහෝසි කරන්නේ නම් එසේ නොකොට පෞද්ගලික බස් රථ එම අධිකාරියට පවරාගෙන බස් හිමියන්ට වන්දියක් ලබාදෙන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඉල්ලා සිටියි.
මේ වන විට පෞද්ගලික බස් රථවලින් සියයට පනහක් පමණක් ධාවනයේ යෙදෙන බවත් ඉතිරි බස් රථ ධාවනය කිරීමට ප්රමාණවත් තරම් මගීන් නොමැති බවද හෙතෙම කීවේය.
පාඩු ලබමින් බස් රථ ධාවනයට කිසිවකුත් කැමති නොවන බැවින් කළ හැකිව ඇත්තේ එපමණක් බවද ඔහු පැවසීය.
ශිරන්තනී මානවඩු
