News

නව ආසාදිතයන් 260ක්

අද (22) කොවිඩ් ආසාදිතයන් 260ක ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

එසේම අද(22) දිනයේ හඳුනාගත් ආසාදිතයන් ගෙන් 225ක් මින් පෙර හඳුනාගත් ආසාදිතයන් වන අතර සෙසු 35දෙනා බන්ධනාගර කොවිඩ් පොකුරන් හඳුනාගෙන ඇත.

මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් 37,891ක් ලෙස’ ආසාදිතයන් ගණන ඉහල ගොස් ඇත. එසේම අද දිනයේ රෝහල් ගතව සිටි ආසාදිතයන් 618ක් පුර්ණ සුවය ලබා තිබේ. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 29,300ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.