නව කථානායක මහින්ද යාපාගේ නම යෝජනා වෙයි
9 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ධුරය සඳහා තමන්ව යෝජනා වී ඇති බව තේරී පත්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
නියෝජ්‍ය කතානායක ලෙස රංජිත් සියඹලාපිටිය මහතාද පත්කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද(19) පස්වරුවේ තීරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති කාර්යාලයේදී අද(19) පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත
