News

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පැවැත්වීමට නියමිතව තිබේ.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ පෙරවරු 10.30 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වන බවයි.

මේ අතර නවවන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය හෙට (20) දිනයේ පැවැත්වීමට නියමිතයි.

හෙට (20) පෙරවරු 09.30 පළමු සභාවාරය ආරම්භවීමට නියමිතයි.