නායයෑමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක 03කට
පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.
දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් සිදුකර තිබෙන අතර මේ අනුව මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ සිදුකර ඇත.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ තද වැසි ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද සඳහන් කරනවා.
මධ්‍යම පළාත සහ බදුල්ල, අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
