නාවික හමුදා 70වන සංවත්සරය
නාවික හමුදාවේ 70වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදා සාමාජිකයන් 1700කට වැඩි පිරිසකගේ නිලයන් ඉහල දමා ඇත.
එසේම “සිලෝන් රෝයල් නෙවි ” යන නමින් 1950 වසරේ දෙසැම්බර් මස 9 වනදා ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට පිහිටවනු ලබා තිබේ.
වසර 30ක් පුරා ැවති යුද්ධයේ දී නාවික හමුදාව සයුර ආරක්ෂා කර මෙරටට මුහුදෙන් එල්ලවන තර්ජන මඩ පැවැත්වීමට විශාල කාර්යක් ඉටුකර ඇති අතර නාවික හමුදාව මේ වන විට ගොඩබිම රාජකාරී සඳහා වැඩි සක්‍රීය දායකත්වයක් ලබාදේ.
එමෙන්ම නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව අද (09)සිට ලබන 13 තෙක් ගාලු මුවදොර පිටියේ ඉදිරිපිට මුහුදු තීරයේ නෞකා දැක්මක් පැවැත්වීමට කටයුතු කර ඇත.
