නාවින්නේ රිය අනතුරින් දෙදෙනෙක් මරුට
මහරගම – නාවින්න ප්රදේශයේ අද (03) උදෑසන සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අධික වේගයෙන් නුගේගොඩ සිට 119 මාර්ගය ඔස්සේ මහරගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර තුවාල ලැබූවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.
රියදුරට රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම අනතුරට හේතු වී ඇති බවයි පොලිසිය සඳහන් කරයි.
