නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගමකට පැවරීමක් නැහැ
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කළමනාකරණය හෝ මුළු අයිතියෙන් කොටසක් විදෙස් සමාගමකට පැවරීමට රජය තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (06) දිනපාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
එහිදී අගමැතිවරයා සඳහන් කරනු ලැබුවේ,
“පැවැති යහපාලන රජය විසින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ගිවිසුම්වලට එළඹී ඇත. එම ගිවිසුම්වල පිටපත් සභාගත කරමි. අප රජය විසින් මෙම නැගෙනහිර ජැටියේ කළමනාකරණය, මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට තීරණය කර නොමැත.”
එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනු ලැබුවේ “දැන් මේ තර්කයක් ගොඩනගන්න හදනවා පැරණිව ගිවිසුමකට ගහලා තියෙන නිසා අපිට යන්න වෙලා තියෙනවා කියලා. හැබැයි යන්නේ පැරණි ගිවිසුම නෙමෙයි. යෝජනා කරලා තියෙන්නේ නව ගිවිසුමකට එළඹීම සඳහායි.” වශයෙනි.
