News

නිරෝධනයෙන් පැන ඇවිත් පේමන්ට් එකේ එළවළු විකුණපු පිරිසක් අල්ලයි

ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පිරිසක් නිරෝධායනය නොවී පදික වේදිකාවේ වෙළෙඳාම් කරමින් සිටිය දී අද(02) හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සොයා ගෙන තිබේ.

ඔවුන් සියලු දෙනා වහාම නිරෝධනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.

හැටන් නගරයේ ප්‍රථමයෙන් කොවිඩ් 19 වෛසරය ආසාදනය වූ මත්ස්‍යය ව්‍යාපාරිකයාගේ ළඟම ආශ්‍රිතයන් කිහිප දෙනෙක් මෙලෙස නිරෝධනයට යොමු කර ඇත.

මෙම පිරිස පදික වෙළෙඳාමේ නිරත වී සිට ඇත්තේ පෑලියගොඩ මත්ස්‍යය වෙළෙඳ පොළේ ආශ්‍රිතයෙකු වු හැටන් ව්‍යාපාරිකයාට අයත් වෙළෙඳ සැළ ඉදිරිපිට දීම බව වාර්තා වේ.

හැටන් නගරයේම වෙළෙඳ පිරිසක් කළ පැමිණිල්ලකට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂවරු මෙම ස්ථානයට පැමිණ එළවළු වෙළෙදාම් කළ වෙළෙඳුන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගෙන තිබේ.