News

නිරෝධායනය අවසන් කළ බුස්සේ 41 ක් පිටව යයි

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන
නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 42 ක්  එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව ගියේය.

මෙම පුද්ගලයින් 42 දෙනාගෙන් පුද්ගලයින් 41 දෙනෙකු බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේද එක් පුද්ගලයෙක් කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේද නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව ගිය අතර එම පුද්ගලයින් සියළු දෙනාම රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිරෝධායන මධ්‍යස්ථානයන් තුලින් පිටත් කර යැවීමටත් ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබාදෙනු ලබන සහතිකපත් ලබා දීමටත් මෙහිදී නාවික හමුදාව කටයුතු කළේය.

ඒ අනුවල මේ වන විට බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 529 ක් නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් තවදුරටත් පුද්ගලයින් 76 ක පිරිසක් එහි නිරෝධායනය වෙමින් සිටිති.

කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කර පුද්ගලයින් 92 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 27 දෙනෙකු එම මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටී.