නිරෝධායනය මඟහැර පැනගිය අයෙක් අල්ලයි
කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ නැවක නිරෝධායනයට ලක්කර සිටියදී පැනගිය සේවකයකු පයාගල පොලිසිය මගින් ඊයේ (4) අත්අඩංගුවට ගෙන ඇත.
විදෙස් රටක සිට ඉන්ධන රැගෙන පෙරේදා (03) කොළඹ වරායට සේන්දූ වූ නෞකාවක සිටි සේවකයින් දින 14දෙනෙක් මෙලෙස නිරෝධායනයට යොමුකර තිබු අතර ඉන් එක් අයෙක් එසේ පැනගොස් තිබුණි.
එම පුද්ගලයා බස් රථයක නැගී කලුතර, පයාගල, ජෝසෆ් සේවියර් මාවතේ පිහිටි සිය නිවස වෙත ගොස් තිබේ.
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (04) ඔහු සොයා නිවසට පැමිණ ඔහුව නිවස තුළදීම දින 14ක් නිරෝධායනයට කිරීමට පියවර ගෙන ඇත.
එමෙන්ම බස් රථයෙන් බැස නිවස කරා පැමිණෙමින් සිටියදී ඔහු ත්‍රිරෝද රථයකින්ද ගමන් කර තිබීම නිසා පයාගල අක්කර 16 ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරු ද ඊයේ (04) නිවස තුළදීම නිරෝධායනයට යොමු කර ඇත.
