නිරෝධායන නීති උල්ලංඝනය කළ කළුතර නගර සභා සභාපති අත්අඩංගුවට
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් දේපළවලට අලාභ හානි සිදුකළ බවට සැක පිට කළුතර නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
නිරෝධායනය උල්ලංඝනය කිරීම, අයුතු ජනරාශිය සහ දේපළවලට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
2020.06.23 වන දින කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රිඩාංගනයේ ඉබි යතුරු කඩා ක්‍රීඩංගනයට ඇතුළු වීම සම්බන්ධයෙන් එහි කළමනාකරු විසින් කළ පැමිණිල්ලක් මත සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.
