News

නිරෝධායන නීති කඩකළ 26ක් පොලිස් අත්අඩංගුවට

පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීතින් කඩකළ පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ මුහුණු ආවරණ නොපැලඳීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

මේ අනුව පසුගිය ඔක්තෝබර් මස 30 සිට මෙතෙක් නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 2361ක් පමණ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

එසේම නිරෝධායන රීතීන් කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින්ගෙන් 2213 දෙනෙකුට නඩු පවරා තිබේ. එසේම නිරෝධායන රීතීන්ට අනුගත නොවන පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරියටත් මෙම මෙහෙයුම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.