නිරෝධායන මධ්‍යස්ථානවල 6000කට අධික පිරිසක්
මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයන් 6000 කට අධික පිරිසක් තවදුරටත් නිරෝධනයට ලක්වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඒ නම් මධ්‍යස්ථාන 63ක දී පුද්ගලයින් 6,610 දෙනෙකු නිරෝධායනයට ලක්වනවා.
තවද මේ වන විට පුද්ගලයින් 38,359 දෙනෙකු මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත ගොස් ඇත.
නමත් කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්යගස්ථානයට අදාළව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 14 දෙනෙකු පමණක් තවදුරටත් ප්‍රතිකාර ලබනවා.
එහි වෛරසයට ලක්වූ 626 දෙනෙකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇත.
