නිරෝධායන මධ්‍යස්ථාන අලුතින් හදනවා
දැනට උද්ගතව ඇති තත්ත්වය හමුවේ නව නිරෝධායන මධ්‍යස්ථාන 10 – 15ක් අතර ප්‍රමාණක් සූදානම් කරන බවත් ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට ආරක්ෂක අංශ සූදානම් බවත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ‘අරුණ’ට පැවසීය.
මිනුවන්ගොඩින් කොවිඩ් ආසාදිතයකු හමුවීමෙන් අනතුරුව පුද්ගලයන් 500- 1000ත් අතර ප්‍රමාණයක් නිරෝධායනයට යොමුකිරීමට සිදුවෙතැයි අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.
ඊයේ (5 වැනිදා) පස්වරුව වනවිට වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට අසූපහක් පමණ මිනුවන්ගොඩ ආශ්‍රිත පුද්ගලයන් බවද යුද හමුදාපතිවරයා කීවේය.
ත්‍රිවිධ හමුදාව සතු නිරෝධායන මධ්‍යස්ථාන 76ක් තුළ 7039 දෙනෙක් පෙරේදා (4 වැනිදා) වන විට නිරෝධායනයට යොමුකර ඇති අතර ඒ අනුව එම මධ්‍යස්ථානවලට යොමුකළ හැකි ප්‍රමාණය ඉක්මවා ගොස් තිබිණි.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
